සිල් සුළං වැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීය

සිල් සුළං වැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීය
ඉරුදෙවියන්ගේ නෑයෝ
සිල් සුළං වැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනාමිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි

රත්නමාලී සෑ රජුන්ගෙන්
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල්මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි

‍රැල් නඟා හෝගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ වික්මන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි

දාගැබයි මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුනේ
ගල්කුළින් සිත්තම් උනාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ

ඉරුදෙවියන්ගේ නෑයෝ
සඳ දෙවියන්ගේ නෑයෝ
ආදි අපේ මුතුමිත්තෝ
ඉරෙන් හ‍මදෙන් වැඩ ගත්තෝ..හිරුට හොරා පිබිදී ගොවිපලට ඇදෙනවා
සඳුට සිනාසී කුඹුරෙන් ගොඩ වී එනවා
පායන ඉරු සමඟ ගඟට බැස සැ‍රසෙනවා
මූදේ ඉරු නාන කලට ඇඟසෝදනවා

හිරුඑළියේ රණකෙළියේ සවිය බලනවා
සඳ එළියේ බණමඩුවේ බවුන් වඩනවා
ඉරුපානේ සිලට ඇගේ දා වියලෙනවා
හඳපානේ තෙලට නිවන් අරමුණු එනවා

~විශාරද නන්දා මාලනී~

ප්‍රතිචාරයක් ලබාදෙන්න