මොබිටෙල් වලට එරෙහි අන්තවාදය

“හලාල්” සලකුණට එරෙහිව ක්‍රියාකරන ලද “බොදු බල සේනා ” සංවිධානයට අරමුදල් රැස්කිරීමට උදවු කලබව කියමින් මොබිටෙල් ආයතනයට එරෙහිව අන්තර්ජාලය තුල ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇතැම් මුස්ලිම් පිරිස් විසින් ආරම්භකර තිබේ.මොබිටෙල් ආයතනය ඔවුන්ගේ m tunes තුලට බොදු බල සේනා සංවිධානයට අයත් තේමා ගීතයක් ඇතුලත් කර තිබෙන අතර, එය තරුණ පිරිස් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. තවද එලෙස බොදු බලසේනා තේමා ගීතය ඇනවුම් කිරීමෙන් ලද මුදල් බොදුබල සේනා සංවිධානය වෙත ලබාදීමට මොබිටෙල් ආයතනය කටයුතු කරණ ලදී.


මෙම ක්‍රියාවට මොබිටෙල් ආයතනය වෙත කෘතගුණ දක්වනු මින්බොදු බල සේනා සංවිධානය තමTwitter ගිණුමෙහි ස්තුති කිරීමක් සිදුකර ඇති අතර මීට ආසන්න දිනයකදී බොදු බල සේනා සංවිධානය පානදුරේදී සංවිධානය කල රැස්වීමේදීද ස්තුති කිරීමට කටයුතු කර තිබේ.

මෙයින් වියරුවටපත් ඇතැම් අන්තගමින් මුස්ලිම් පිරිස් අන්තර්ජාලය තුල මොබිටෙල් ආයතනයට අයත් Face Book Fan Page සහ Twitter Fan Page තුල අසභ්‍ය වදනින් අදහස් දැක්වීම් සිදුකර තිබෙන අතර මොබිටෙල්හි පාරිභෝගික සේවා දුරකථන අංක වෙත ඇමතුම් ලබාදෙමින් අඛණ්ඩව බැනවදීම සිදුකර තිබේ.

පසුව මොබිටෙල් ආයතනය ඔවුන්ගේ Face Book Fan Page තුල ලිපියක් පළකරමින් කියා සිටියේ m tunes තුලින් බොදු බල සේනා තේමා ගීතය ලබාදීම මත ඔවුන් කිසිඳු ජන වර්ගයක් අපහසු තාවයකට ලක්කිරීමට අපේක්ෂා නොකළ අතර යම් හෙයින් කිසියම් ජන වර්ගයක් ඉන් අපහසුතාවයට පත්විනම් එයට සමාව ඉල්ලා සිටින බවයි.

m tunes යනු පුද්ගලයන්ගේ කැමැත්ත මත ඇනවුම් කළහැකි සේවාවක් වන අතර කිසිඳු අයෙක් මත බලෙන් ලබාදී ගාස්තු අයකිරීමක් සිදුනොකරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්චේදයේ Articles 10 and 14(1)(e) ට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධ ශාසනය ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමට කටයුතු කල යුතුය. ඒ අනුව යමින් රජ්‍ය ආයතනයක් වන මොබිටෙල් ආයතනය නීතියෙන් වරණයට ලක්නොවූ ඕනෑම බෞද්ධ සංවිධානයක් සමග ගනුදෙනු කිරීම වරදක් වශයෙන් සැලකිය නොහැක.

ඇමරිකානු ව්‍යවස්ථාව තුලින් ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ධනය සිදුකරන අතර අරාබියේ ශාරියා නීතිය මගින් ඉස්ලාම් සඳහා පමණක් අවසර ලබාදී තිබේ. ඕනෑම රටක් එලෙස ඔවුන්ගේ බහුතරයට අයත් ආගම ප්‍රවර්ධනය සිදුකරයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් සිතා සිටිනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සර්ව ආගම ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරන ලෙස දක්වා ඇති බවයි.
මේ හිදී එක් ආගමක් ප්‍රවර්ධනය යනු තවත් ආගමක් විනාශකිරීම නොවන බව අවධාරණය කලයුතුය.

මේ හේතුවෙන් කිසිඳු නීත්‍යානුකූල පදනමක් නොමැතිව මෙලෙස අන්තර්ජාලය හරහා සිදුකරන ද්වේෂ සහගත ප්‍රවර්ධන්යන් සහ අදහස් දැක්වීම් සියලු පාර්ශව නවතා දැමිය යුතුය.

මෙම ආගමික ගැටුමට මුලාශ්‍රය සැපයීම ශ්‍රී ලංකා උලමා සංවිධානය 91% වූ මුස්ලිම් නොවන ජනයා වෙත මුදල් අයකරමින් “හලාල්” ලකුණ ලබාදීම මත සිදුවූ අතර , එම ක්‍රියාවලිය නීති විරෝධී සහ ආගමික සහජීවනයට තර්ජනයක් බව පසුව තීරණය විය. මේ හේතුවෙන් පලුදු වූ ආගමික සහජීවනය නැවත ඇති කිරීමෙහිලා ශ්‍රී ලංකවේ වෙසෙන මුස්ලිම් ජන කොටස් වඩා වගකීමෙන් ක්‍රියාකල යුතුව ඇත.

– Ex Gossip විමර්ශන –

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: